Social Icons

Pages

Tuesday, January 5, 2016

Phantom (2015) with Sinhala Subtitle |රටක් වෙනුවෙන් එක් මිනිසෙකුගේ පළිගැනීමක්..!!

දිනය-2008 නොවැම්බර් 26
වෙලාව – රාත්‍රී 9.54
ස්ථානය – මුම්බායි නගරය චත්‍රපති ශිවාජි උමන් මාර්ගය (ඉන්දියාව)

26/11 ප්‍රහාරය ලෙසින් හදුන්වන මෙම ප්‍රහාරය වෙන්නේ පකිස්තාන් ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙන ලක්ෂ්කර් – ඊ- තායිබා සංවිධානය විසින් කාශ්මීරයට වෙනම පාලන බලයක් ලබාදෙන මෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක් හැටියට 10 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මුම්බායි නගරය දවස් තුනක් පුරාවට එකම යුධ පිටියක් කරපු ප්‍රහාරයක්…166 කට ආසන්න ප්‍රමාණයක් අහිංසක ජනතාව වෙඩි තබා, වද හිංසා පමුණුවා මරා දමලා 600 කට ආසන්න පිරිසක් තුවාල සිදු කරනු ලැබුණු මෙම ප්‍රහාරය මුම්බායි නගරයේ ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක්ම සුනු විසුනු කරන්න සමත් උනා. චත්‍රපති උමන් මාර්ගයෙන් ආරම්භ උන මෙම ප්‍රහාර මාලාව, තාජ් මහල් පැලස් හෝටලය, කාමා රෝහල, නරිමාන් නිවස සහ සෙන්ට්. සේවියර් පාසල වැනි ස්ථාන වලට පැතිරුනා. දවස් තුනක ප්‍රයත්නයකින් පසුව ත්‍රස්තවාදීන් 9 දෙනෙක් ඝාතනය කරලා එක් අයෙක්ව පන පිටින් අල්ල ගන්න ඉන්දියානු හමුදා සහ රෝ (ඉන්දියානු රහස් ඔත්තු සේවය) සංවිධානය සමත් උනා, එම මෙහෙයුම නම් කරලා තිබුනේ Operation Black Tornado නමින් එම අල්ල ගනු ලැබූ එකම ත්‍රස්තවාදියා “මොහම්මද් අජ්මාල් අමීර් කසාබ්” ව 2012 නොවැම්බර් 21 වන දින පුනේ හිර ගෙදරදී ප්‍රාණය නිරුද්ධ වෙනතුරු එල්ලා ඝාතනය කරා,නමුත් එම ප්‍රහාරය සැලසුම් කරපු පුද්ගලයින් පකිස්තාන් රජයේ රැකවරණය යටතේ මේ අවුරුදු 7 ක කාලයක් ජිවත් වෙනවා. මේ තමා මේ ෆිල්ම එකට පදනම වෙලා තියන කථාවස්තුව.

ෆිල්ම් එක ගැන කිවොත් දනියාල් ඛාන් කියන්නේ හමුදාවෙන් අගෞරව ලෙසින් ඉවත් කරපු සෙබලෙක් ඉන්දියානු රෝ සංවිධානය තීරණය කරනවා රහස් මෙහෙයුමක් දියත් කරලා 26/11 ප්‍රහාරයේ සියලුම මොළ කරුවන්ව ඝාතනය කරන්න, අඩුම ඉන්දියානු රජයවත් දන්නේ නැ,මේ මෙහෙයුම ගැන. දනියාල් තමා මේ මෙහෙයුම සඳහා පිටත් වෙන්නේ. ලෝකය පුරාම විසිරිලා ඉන්න ඒ ප්‍රහාරයේ සැලසුම් කරුවෝ සියලුම දෙනාව අනතුරකින් මිය ගිය ආකාරයට ලෝකයට පෙන ව්දිහට ඝාතනය කරන එක තමා දනියාල් ගේ මෙහෙයුම. ඉතින් එහෙනම් බලන්නකෝ ඔයාලම මිලියන ගානක් වුනු ඉන්දියානු ජනතාවගේ පළිගැනීමේ චේතනාව දනියාල් ඛාන් ට තනියම ඉෂ්ට කරන්න හැකි වෙයිද කියලා. ඔහුට මේ මෙහෙයුම අවසානයේ පණපිටින් නැවත ඉන්දියාවට එන්න ලැබෙයිද කියලා.
එක් තා ටයිගර් අධ්‍යක්ෂනය කරපු කබීර් ඛාන් ගේ අධ්‍යක්ෂණයෙන් කික් නිෂ්පාදනය කරපු සජිඩ් නාදියාඩ්වලා නිෂ්පාදනය කරන මේ ෆිල්ම් එකේ රංගනයෙන් දායක වෙලා ඉන්නවා සයිෆ් අලි ඛාන් එක්ක කත්‍රිනා කැයිෆ්.
එහෙනම් මම ගිහින් එන්නම්..තවත් ලස්සන හින්දි ෆිල්ම් එකකින් ඉක්මනට හමුවෙනතුරු හැමෝටම සුභ දවසක් !!
FILM එක මෙතනින්.....ගන්න

No comments:

Post a Comment

 
Blogger Templates